තවත් ආසාදිතයින් 430ක් හදුනාගැනේ

නොවැ 11, 2020

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුන 430 දෙනෙක්,ඊයේ හඳුනාගනු ලැබීය. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්.

    වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ,කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 251ක්. ගම්පහ දිස්ත්‍රික්යේ 18 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 16 දෙනෙක් ද ඒ අතර වෙයි. පොලිස් නිලධාරීන් 91 දෙනෙක් ද රෝගී පිරිසට ඇතුළත්.

    බන්ධනාගාරගත තවත් රැඳවියන් 24 ‍දෙනෙකුට ද කොවිඩ්-19 රෝගය වැළඳි ඇති බවට ඊයේ වාර්තා විය.

    Latest News