2021 අයවැයෙන් රාජ්‍ය සේවකයින් සඳහා සහන

නොවැ 17, 2020

    2021 අයවැය දෙවන වර කියවිම අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    එහිදී රාජ්‍ය අංශය වෙනුවෙන් සහන රැසක් ලබා දී තිබීම විශේෂත්වයකි.

    ඒ අතර, රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

    රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමට ද යෝජනා කරයි.

    මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරතවීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමට ද යෝජනා කරයි.

    රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට යෝජනා කෙරේ.

    Latest News