ගිනිගත්හේන එකම පවුලේ 5කට කොරෝනා

නොවැ 26, 2020

    ගිනිගත්හේන, හිටිගේගම ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙක්ට කොවිඩ් - 19 වෛරසය (26) දිනඅසාදනය වී ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි.

    අසාදිතයන් අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙක්, එක් කාන්තාවක් සහ අවු 3 ක ගැහැණු ළමයෙක් ද සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

    කොවිඩ් - 19 වෛරසය අසාදනය වූ කාන්තාවගේ වැඩිමහල් දියණිය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදු කල අහඹු පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනූව එම තරුණියට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු විමෙන් අනතුරුව එම තරුණිය මාතර, කඹුරුගමුව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර තිබේ.

    එම අසාදිත තරුණියගේ නිවසේ සිටි පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව එම ආශ්‍රිතයන්ට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

    වෛරසය අසාදනය වු පස් දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසීය.

    ගිනිගත්හේන ප්‍රදේශයෙන් (25) දින සිට (26) දින අලුයම වන විට කොවිඩ් - 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 7 දෙනෙක් හදුනාගෙන ඇති බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

    Latest News