රු. මි. 18 කට ආසන්න හෙරොයින් අත්අඩංගුවට

ජන 20, 2019

    පන්නිපිටිය, කලල්ගොඩ හා තලවතුගොඩ ප්‍රදේශවලදී හෙරොයින් කිලෝ 01, ග්‍රෑම් 518ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    එහි වටිනාකම රුපියල් මිලියන 18කට ආසන්නවේ. සැකකරුවන් වයස 23,27, සහ 38 යන වයස්වල අයවේ. ඔවුන් තලංගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විමර්ශන සිදුකරයි.

    Latest News