රජය වට්ටක්කා මිල නග්ගයි

ජන 20, 2019

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වට්ටක්කා අස්වනු මිලදී ගැනීම ආරම්භ කෙරේ.

    වට්ටක්කා කිලෝවක් රුපියල් 30 බැගින් මිලදී ගැනේ. මහවිලච්චිය-පේමමඩුව ගොවිජන මධ්‍යස්ථානයේ දී අද උදේ වට්ටක්කා මිලදී ගැනීම නිල වශයෙන් ආරම්භ කළ බව අප වාර්තාකරු පවසයි.

    එක් ගොවියෙකුගෙන් වට්ටක්කා කිලෝ 1500ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් මිලදී ගැනේ. නොච්චියාගම සහ විලච්චිය ප්‍රදේශවල අක්කර දහසකට වැඩි ප්‍රදේශයක වට්ටක්කා වගාකර ඇත.

    වට්ටක්කා අස්වැන්නට නිසි මිලක් සහ වෙළෙඳ පොළක් නොමැතිවීමෙන් අපහසුතාවට පත් ගොවි ජනතාව අතරමැදි ග්‍රහණයෙන් මුදාගෙන සහන සැලසීම සඳහා රජය මෙම තීරණය ගෙන තිබේ. මේ සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වෙන්කර ඇති අතර, අවශ්‍යතාව මත අමතර මුදලක් වෙන් කිරීමට ද රජය අපේක්‍ෂා කරයි

    Last modified on ඉරිදා, 20 ජනවාරි 2019 19:50

    Latest News