වෙනත් වසරවල කලාප අධ්‍යාපන කාර්යාල වලට බෙදා හැරුණු රෙදි මෙවර කොට්ඨාස කාර්යාලවලටම බෙදා හැරෙන බව පවසන අමාත්‍යාංශය එය විදුහල්පතිවරුන්ට පහසුවක් යැයි ද ප්‍රකාශ කරයි.
මෙම සතියේදී යාපනය දිස්ත්‍රික්කයේ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කෙරේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයට බෙදා හැරීම පසුගිය සතියේ ආරම්භ කර ඇත.
පසුගිය වසර කිහිපය පුරාම චීනයෙන් ආනයනය කළ නිල ඇඳුම් රෙදි මෙවර දේශීය වශයෙන් පමණක් නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන්ට අවස්ථාව දුන්නේය.
එම නිෂ්පාදන කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙන්ම ජනාධිපති කාර්යාලයෙන් ද අධීක්ෂණයට ලක් කෙරිණ.