කොළඹ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

දෙසැ 26, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 541 දෙනෙකු ද බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 10 දෙනෙකු වශයෙන් එළෙස ඊයේ වාර්තා වූ ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර එළෙස හඳුනාගත් කොවිඩ් රෝගීන් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ 300ක් ලෙසිනි.

    නව කොවිඩ් ආසාදිතයින් 551 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52ක්,

    කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක් වශයෙන් ද ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.

     

     

    Latest News