ජල මූලාශ්‍ර ප්‍රදේශ ආශ්‍රිතව පැල දස ලක්ෂයක්

දෙසැ 26, 2020

    2025 වසර වනවිට පානීය ජලය අවශ්‍ය සෑම නිවසකටම ජලය ලබා දීම අරමුණු කර ගත් දීපව්‍යාප්ත ජල සම්පාදන ක්‍රියාවලියට සමගාමීව, ජල උල්පත් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව දිවයින පුරා පිහිටා ඇති ජල මූලාශ්‍ර හඳුනා ගෙන එම ස්ථාන සංරක්ෂණය කර ගනිමින් ජල පෝෂක පැල රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

    ජල මූලාශ්‍ර ආශ්‍රිත උල්පත් වඩාත් සක්‍රිය කර ගැනීම එහි අරමුණයි.

    ඒ යටතේ මී, කුඹුක් වැනි ජල පෝෂක ශාක දස ලක්ෂයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය හඳුන්වන්නේ ''ප්‍රජා හරිත අභිමානී” ලෙසයි.

    එම ජාතික රුක් රෝපණ වැඩසටහන ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මූල්කත්වයෙන් පසුගිය (24) පෙ.ව 9.41 යෙදුණු සුබ මොහොතින් දෙහෙරගොඩ, ගල්පොත්තහේන වැව්තාවුල්ලේ දී ආරම්භ කෙරිණ.

    Latest News