පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි

දෙසැ 29, 2020

    රටේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (28) දිනය වනවිට ලක්ෂ 12 ඉක්මවා ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ඒ අනුව මේ වසරේ පෙබරවාරි 18 වැනිදා සිට ආරම්භ කළ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් කෝටි 720 ඉක්මවා තිබේ.

    මෙම පරීක්ෂණ ලක්ෂ 12 මගින් පුද්ගලයන් හතළිස් එක්දහසකට කොරෝනා ආසාදනයවී ඇති බව තහවුරු කර ගත්තේය.

    වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගන්නා ලදී.

    Latest News