කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ, රටත් සංචාරක කර්මාන්තයත් රැකෙන පරිදි සැලසුම් කර ඇති වැඩපිළිවෙළ කාලෝචිත බවයි. මෙරට තුන්වැනි විශාලතම විදේශ විනිමය උපයන ක්‍ෂේත්‍රය වන්නේ, සංචාරක කර්මාන්තයයි. එමගින් සෘජු හා වක්‍ර රැකියා ලක්‍ෂ 20ක් පමන උත්පාදනය වී තිබේ. එහෙත්, පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් හේතුවෙන් සංචාරක කර්මාන්තයට එල්ල වුණේ දැඩි බලපෑමක්.
ඒ, හේතුවෙන් වසරකට ආසන්න කාලයක් කර්මාන්තය මුළුමණින්ම ඇණහිටියේය. එහෙත්, රජය සංචාරක කර්මාන්තරුවන් සමඟ සාකච්ජා කොට විධිමත් ක්‍රමවේදයක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නව වැඩපිලිවෙළ හඳුන්වා දුන්නේය. යුක්රේන ජාතිකයින් පිරිසක් මේ දිනවල දිවයිනට පැමිණ සිටින්නේ ඒ අනුවයි. වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එදිනෙදා මතුවන ගැටලු සාකච්ජා මාර්ගයෙන් විසඳා ගැනීමට ද අදාළ අංශ කැමැත්ත පළකොට තිබේ.
වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එදිනෙදා මතුවන ගැටලු සාකච්ජා මාර්ගයෙන් විසඳා ගැනීමට ද අදාළ අංශ කැමැත්ත පළකොට තිබේ. සංචාරකයින් පිරිසක් රැගෙන ගිය යාල සෆාරී ජීප් රථ රියදුරන් පිරිසක් නිරෝධායනයට ලක්වීම හේතුවෙන්, ගැටලුකාරි තත්වයක් මතුවිය. ඒ සම්බන්ධයෙන් ද අදාළ අංශ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.