රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපා. කොළඹ දිස්ත්‍රික් කාර්යාලය නව ගොඩනැගිල්ලකට

ජන 04, 2021

    කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා මධ්‍යම ලේඛණාගාරය බත්තරමුල්ලේ පිහිටි නව ගොඩනැගිල්ලේ අද ස්ථාපනය කෙරිණ.

    ඒ, විෂය බාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සේවාලාභීනට සංකේතාත්මකව උප්පැන්න සහතික නිකුත් කිරීම ද සිදු කෙරිණ. ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩසටහන ක්‍රියාත්මකයි.

    Latest News