මාතලේ මහ රෝහලේ කොවිඩ් ආසාදිතයින් 5ක්

ජන 09, 2021

    මාතලේ මහ රෝහලේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් පුද්ගලයින් පස් දෙනෙක් 'කොවිඩ්-19' ආසාදිත බවට හඳුනාගෙන ඇත.

    බාහිර ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් සහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් තිදෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි,මාතලේ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා සඳහන් කළේ.

    මීට පෙරද මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිපදෙනෙක් 'කොවිඩ් 19' ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ.

    Latest News