18ට අඩු හා ගැබිනි මවුවරුන්ට එන්නත් ලබා නොදේ

පෙබ 05, 2021

    කොවිඩ් - 19 මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 180ක් මෙරටට ගෙන්වීමෙන් පසු දිනකට ලක්ෂ 5ක ජනගහනයකට එන්නත දීමට රජය සැලසුම් කර තිබේ.

    දින 15ක් පමණ කාලයකදී මුළු රටම ආවරණය වන පරිදි මේ එන්නත සමස්ත ජනතාවටම දීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

    කොවිඩ් - 19 එන්නත සමස්ත ජනගහනයටම දීමෙන් පසු ලෝකයේම ඇති කොවිඩ් - 19 න් ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවට පත්වන්නේ යැයිද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    වයස අවුරුදු 18ට අඩු දරුවන්, මව් කිරි දෙන මවුවරුන්, ගැබිනි මවුවරුන් යනාදීන්ට එන්නත දීම නොකරන බවත් ඔවුන් හැරුණු විට එන්නත දීම සඳහා අවශ්‍ය වන්නේ මෙරට ජනගහනයෙන් ලක්ෂ 120කට පමණක් බවත් ඔහු කියා සිටියේය.

    Latest News