ගංඟාරාම නවම් පෙරහැර සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව

පෙබ 08, 2021

    කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ආරක්ෂාකාරිව පැවැත්වීමට තීරණය කර තිබේ.

    ඒම තීරණයට ඒළඹ ඇත්තේ, විහාරස්ථානයේ අද (08) පැවති සාකච්ජාවකදී.

    කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර ලබන 25 සහ 26 යන දිනවල පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරවල නර්තන ශිල්පීන් 7,000ක් පමණ ඊට සහභාගි කර ගැණුනද, මෙවර සීමිත පිරිසක් සහභාගි කර ගැනීමටයි තීරණය කර ඇත. අලි ඇතුන් සංඛ්‍යාවද සීමා කෙරේ. දේශීය නර්තන අංග පෙරහැරට ඇතුළත්. මෙවර, පෙරහැරේ ගමන් මාර්ගය ද වෙනස් කර තිබේ.

    කොඩි හා සේසත් රැගෙන යාම සඳහා පාසල් සිසුන් වෙනුවට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහභාගි කර ගැනීමට අපේක්ෂිතයි.

    පෙරහැර සඳහා ආසන පැනවීමක් සිදු නොවන අතර, රූපවාහිනී නාලිකා කිහිපයක් ඔස්සේ පෙරහැර සජීව ලෙස විකාශය කිරීමට තීරණය කර තිබේ.

    මෙම සාකච්ජාවට ගංඟාරාම විහාරාධිකාරි පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් හර්ෂ විජයවර්ධන යන මහත්වරු ද රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් ද ඒක්වූහ.

    Latest News