නොවැ.10ට පෙර ඡන්දයක් නොතිබ්බොත්; මම ඉල්ලා අස්වෙනවා (වීඩියෝ)

ජන 28, 2019

    නොවැම්බර් 10 වැනිදාට පෙර පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොහැකි වුවහොත්, මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    මොහු මේ අදහස් පළ කළේ පළාත් සභා ඡන්දය පිළිබඳ දැනට පවතින තත්වය පිළිබඳ කරුණු දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්.

    දැනට පවතින නීතිමය තත්වය මත පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බවයි මහින්ද දේශප්‍රිය මහාත ප්‍රකාශ කරන්නේ. ඡන්දය පැවැත්වීමට පළාත් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සංශෝධනය කර සම්මත කර ගැනීම කළ යුතු වේ. දැනට පවතින තත්වය අනුව රටේ ඕනෑම පුරවැසියෙකුට පළාත් සභා ඡන්දය නොපවත්වා තිබීම ගැන මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ හැකි බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    ඒ අනූව ඉදිරිපත් වෙන ඕනෑම පෙතසමක් සඳහා මැතිවරණ කොමිසමමේ සභාපති ලෙස ඉදිරිපත් වී කරුණු දැක්වීම සිදුකරන බව ද ඔහු අවධාරණය කරයි.

     

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 21:19

    Latest News