වැඩබලන සෞඛ්‍ය ඇමති ලෙස චන්න ජයසුමන දිවුරුම් දෙයි

පෙබ 16, 2021

    මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ඔහු ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියි.

    මේ අතර රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කර තිබේ.

    ඔහු මීටපෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය.

    HE

    Last modified on අඟහරුවාදා, 16 පෙබරවාරි 2021 14:34

    Latest News