බිම්ශානිට DIG ලෙස උසස් කිරීමත් සමග සමාජයේ කතාබහක්

පෙබ 19, 2021

    බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස් කිරීමත් සමග සමාජයේ කතාබහක් ඇතිවී තිබෙනවා.

    කෙසේ වෙතත් ඇය වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි, පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසන්නේ.

    මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ උසස්වීම සිදු කිරිමත් සමග ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

    ඊට අදාළ නඩු විභාගය පෙරේදා පැවැත්වුණා.

    උසස් කිරීම්වලට අදාළ රෙගුලාසිවල කාන්තා යන වචනය සඳහන් නොවන හෙයින් මෙරට කිසිදු පොලිස් නිලධාරිනියකට නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්විය නොහැකි බවයි, පෙත්සමේ දැක්වෙන්නේ.

    Latest News