පාස්කු; අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කෙරේ (වීඩියෝ)

පෙබ 21, 2021
  • ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඉකුත් 19 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ඊබ්‍රහිම් ශහිඩා නමැති කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතින බව, පොලිසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ ගැන අදහස් පළ කළේය. මාවනැල්ල, හිඟුල ප්‍රදේශ‍යේ පදිංචි එම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ 2018 වසරේදී සහරාන් හෂීම් නමැති අපරාධකරු පවත්වාගෙන ගොස් තිබූ අන්තවාදී පන්තිවලට සහභාගිවීම සහ එවැනි ත්‍රස්ත ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිටය.

    අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇයගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළාය. එහිදී අනාවරණය වූයේ ඇය සමඟ තවත් කාන්තාවන් 14ක් එම අන්තවාදී දේශනවලට සහභාගි වී ඇති බවයි.

    ඉන් පස් දෙනෙකු පසුව මියගොස් ඇත්තේ සයින්දමරුදු ප්‍රදේශයේදී ඔවුන් විසින් පුපුරවාගන්නා ලද බෝම්බයට බිලි වීමෙන්.

    තවත් කාන්තාවන් තිදෙනෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම කාන්තාව සමඟ කාන්තාවන් 7ක් දැනට රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවන බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 21:30

    Latest News