මාතර අද පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ, බලය පැවති සමයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පාක්ෂිකයන්ගේ දුක ඇසීමටවත් කිසිවෙකු නොසිටි බවයි. එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්රික් ප්රතිසංවිධාන කටයුතු අද ආරම්භ කෙරිණ. හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් මීට එක්වූහ.