කොවිඩ්-19; ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව ඉදිරියට

පෙබ 21, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා තුන් ලක්ෂ 2857දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ. එන්නත්කරණ වැඩසටහන අද ක්‍රියාවට නංවනු ලැබුවේ 24 වැනි දිනටයි. එන්නත ඊයේ ලබාදුන් පිරිසට 39,078ක් ඇතුළත්.

    පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් කොවිඩ්-19 එන්නත ලබාදීම මේ දිනවල සිදු කෙරේ. පානදුර-හිරණ බටහිර ග්‍රාම නිලධාරි වසමේ ජනතාවට එන්නත ලබාදීම සිදු කෙරෙන්නේ, දින 4ක සිටයි. මෙතෙක් ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව 835ක්.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 5කදී එන්නත්කරණ සිදු කෙරේ. ඒ, ගම්පහ-මැදගම, බුලුගහගොඩ, පරකන්දෙනිය උතුර, වැලිවේරිය උතුර, ඉඹුල්ගොඩ යන ග්‍රාම නිලධාරි වසම් කේන්ද්‍ර කර ගනිමින්. පළමු අදියර යටතේ අවදානම් ප්‍රදේශවල 60,000කට පමණ එන්නත ලබාදීමට නියමිතයි.

    Latest News