ලෝක ආර්ථිකයට සහ වැඩ බිමට ගැළපෙන නිපුණතා සපිරි සුහුරු මානව සම්පතක් බිහි කිරීම අරමුණු කර ගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය වැඩසටහන ක්‍රියාවට නංවයි.
රැකියා වියුක්ත සමස්ත ජනගහණයෙන් 70%ක් නුපුහුණු ශ්‍රම කාණ්ඩයට අයත් වෙති. පුහුණුව මගින් ඔවුන් රැකියා ඉල්ලුමට සරිලන නිපුණතා සහිත කණ්ඩායමක් බවට පත්කළ යුතුය. “Skills” ශ්‍රී ලංකා වැඩසටහන පාසල් අධ්‍යාපනය හැර යන තරුණ කොටස් සහ රැකියා වියුක්ත හෝ නියුක්ත නිපුණතා රහිත ශ්‍රම බලකාය සඳහා පුළුල් යටිතල පහසුකම් ජාලයක් දීප ව්‍යාප්තව ස්ථාපනය කරයි. දිගු හා කෙටි කාලීන වශයෙන් අංශ 08ක් ඔස්සේ නිපුණතා සංවර්ධනය සිදු කෙරේ.
“Skills” ශ්‍රී ලංකා නිල ලාංඡනය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. තෝරාගත් ක්ෂේත්රවල වෘත්තීය පුහුණුවේ නිරත සිසුන්ට මාසිකව රුපියල් 4,000/-ක ශිෂ්‍යාධාර ප්රදානය ද ජනාධිපතිතුමා විසින් ආරම්භ කරනු ලැබීය.
ජංගම වෘත්තීය පුහුණු ඒකක ලෙස නිර්මාණය කළ බස් රථ 05ක් අද සිට දිවයින පුරා ධාවනය කිරීම වැඩසටහනට සමගාමීව සිදු කෙරේ. ජනාධිපතිතුමා මේ බස් රථ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිවරයා වෙත නිල වශයෙන් භාර දුන්නේය.
රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය “Skills” ශ්‍රී ලංකා පුවත් පතෙහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. වෘත්තීය පුහුණුව අපේක්ෂිත සිසුන්ට ආරක්ෂික ඇදුම් කට්ටල පිරිනැමීම අගමැතිතුමා අතින් සිදු කෙරිණ.
කුමන විභාගය අසමත් වුවත් අනාගත තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමක් බව උත්සව සභාව අමතමින් අගමැතිතුමා සඳහන් කළේය. මෙරට තාරුණ්‍යය ලෝකයේ නිපුණත්වයෙන් හෙබි, දියුණු සමාජයට ගැළපෙන වෘත්තීය දැනුමෙන් සන්නද්ධ කිරීමට වගකීමෙන් ක්‍රියා කරන බව ද අග්‍රාමාත්‍යතුමා පැවසීය.
“Skills” ශ්‍රී ලංකා වැඩසටහනට පෞද්ගලික අංශයේ දායකත්වය සනිටුහන් කරමින් Piza Hut සහ Orange ආයතන අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි රාජ්‍ය ඇමතිණි සීතා අරඹේපොළ මහත්මිය වෙත භාර දුන්නේය. මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.