නැගෙනහිර පළාත තුල පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්රමුඛ සංරක්ෂණ කර්තව්‍ය ලෙස “දීඝවාපී චෛත්‍ය” ප්‍රතිසංස්කරණය කෙරේ.
ඒ සඳහා වන “දීඝවාපිය අරුණ” අරමුදල ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 12 වැනි දින ආරම්භ කෙරිණ. දීඝවාපී ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව ඉදි කෙරෙන විශ්‍රාම ශාලාවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 75කි. සුදත් තෙන්නකෝන් මහතා ඒ සඳහා රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කළේය.
බෞද්ධයා නාලිකාව ඉතිරි රුපියල් මිලියන 50ක මුදල පරිත්‍යාග කර තිබේ. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, බලකායේ ලේකම් ජීවන්ති සේනානායක, දිලිත් ජයවීර, සුරනිමල සේනාරත්න, හර්ෂ අලස්, සුදත් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.