බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති අමාත්‍යාංශ නිලධාරින්ගේ හමුවට එක්වෙමින් අගමැතිතුමා මේ බව සඳහන් කළේය.
ප්‍රමාද වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහි දී අගමැතිතුමා අවධානය යොමු කළේය. ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීමට හේතුවී ඇත්තේ අන්තර් ආයතනික සබඳතා දුරස්ථව පැවතීම නිසා බව පෙන්වා දුන් අගමැතිතුමා එවැනි කටයුතු මින් ඉදිරියට මනා සන්නිවේදනයකින් යුතුව කාර්යක්ෂමව කර ගැනීමට පියවර ගන්නැයි අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
අනවසර ඉදිකිරීම් වෙනුවෙන් පියවර ගැනීම, අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රියාත්මක කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනයට දායක කර ගැනීම, තෙත් බිම් හා ඇළ රක්ෂිත ප්‍රකාශයට පත්කිරීම, සමුද්‍ර දූෂණය වැළැක්වීම, ධීවර වරායන්වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ධීවර වරායන්වල වැලි ඉවත් කිරීම, ප්‍රජා භූමි සංවර්ධනය ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අයත් ආයතනවල ගැටලු රැසකට මෙහිදී අගමැතිතුමා විසඳුම් ලබා දුන්නේය.
වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය කිරීම, මාතර කොටුව සහ මහනුවර රථ ගාල සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද අගමැතිතුමාගේ අවධානය යොමුවිය. සංවර්ධන කටයුතු ඉටු කිරීමේ දී ඒ ඒ රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධතා වඩා ශක්තිමත් කර ගැනීමෙන් රටට සහ ජනතාවට සේවාවන් රැසක් ඉටු කිරීමට හැකි බවට ද අගමැතිතුමා මෙහි දී විශ්වාසය පළ කළේය. ඒ අනුව 2015 වසරට පෙර පැවති රට සංවර්ධනය කිරීමේ වේගවත් ගමන මේ වන විට නැවත ආරම්භ වී ඇතැයි ද අගමැතිතුමා කියා සිටියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරි නිමල් පෙරේරා, අතිරේක ලේකම් ආචාර්ය එන්.එම්.එස්.බී යාලේගම මහත්වරු ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සියලු ආයතනවල ප්‍රධානීහු එක්ව සිටියහ.