කතරගම කුඹුක් ගස් ඉවත් කිරීම ගැන ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් පිළිතුරු

මාර් 15, 2021

    කතරගම මැණික් ගඟ දෙපස කුඹුක් ගස් ඉවත් කිරීමක් සිදු නොකළ බව කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා පවසනවා.

    බැතිමතුන්ගේ ආරක්ෂාව පිණිස ගස් කිහිපයක අතු පමණක් කපා ඉවත් කිරීමට පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.

    පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ඊයේ වාර්තා කළේ, කතරගම හෙලිකොප්ටර් අංගණයට බාධා වන බැවින් කුඹුක් ගස් රැසක් කපා ඉවත් කර ඇති බවයි. එහෙත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසුවේ, මැණික් ගඟේ දිය නෑමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා කුඹුක් ගස් කිහිපයක අතු කපා ඉවත් කිරීමට පියවර ගත් බවයි.

    Latest News