එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ,47 වැනි දිනටයි. ඊයේ පමණක් 11,489 දෙනෙක්ට එන්නත් ලබාදී තිබේ.
එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද බත්තරමුල්ල බටපොත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙයි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 1,200ක් සදහා මෙහිදී එන්නත් ලබාදීමට නියමිතයි.
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වල්පිටමුල්ල,බලබෝව සහ කොරස යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීම ද වල්පිටමුල්ල ශ්‍රී රණතුංගාරාම පුරාණ විහාරස්ථානයේ දී අද සිදු කෙරේ. එහිදී 915 දෙනෙක්ට පමණ එන්නත් ලබාදීමට නියමිතයි.