කැළණිතිස්ස බලාගාරයේ හදිසි ගින්නක්

ජන 31, 2019

    අද සවස කැළණිස්ස්ස විදුලි බලාගාරයේ ග්‍රීඩ් උප පොළේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් කැළණිතිස්ස-කොළොන්නාව අතර දිවෙන රැහැන් මාර්ග කිහිපයක් විසන්ධි වී තිබෙන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    විදුලිබල සැපයුම සමතුලිතව පවත්වාගෙන යාම සඳහා තවත් රැහැන් මාර්ග කිහිපයක් තාවකාලිකව විසන්ධි කිරීමට සිදුවූ බව ද අමාත්‍යාංශය සඳහන් කරනවා. එබැවින් මේ වනවිට කොළොන්නාව, කොස්ගම, කැළණිතිස්ස ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලිය ඇණහිට ඇති බවයි වාර්තා වෙන්නේ.

    එය යථා තත්වයට පත් කිරීමට කඩිනමින් ක්‍රියාකරන බව, අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ජනවාරි 2019 20:47

    Latest News