අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවමක් නියම වීමෙන් පසුව රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළා.
එම මෝසම රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම කළ සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මීට පෙර ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු පූර්ව නඩු තීන්දු කීපයක් සලකා බැලීමේදී මෙම මෝසම බාර ගැනීමට හැකියාවක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙනවා.
එම මෝසම තුළින් රංජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ යම් පුද්ගලයෙකුට නියම වන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිමය හිමිකම පවතින බවයි.
ඒ අනුව තමන්ට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසත් එම අභියාචනය පංච පුද්ගල හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙසත් ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම මෝසම ඉදිරිපත් කර තිබුණා.