එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසු නිලයන් 35ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 40 දෙනෙකු මේ සඳහා සහභාගී වෙයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල මහතාගේ උපදෙස් මත පාබල හමුදා අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම ‘Shake Hands - 1’ සමස්ත අභ්‍යාසයේ අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩිර් සංජීව ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කර්නල් ඩබ්ලිව්.එස්.එල් හේමරත්න මහතා කටයුතු කරයි.