වතුකම්කරු සටනට වෙළඳ සංගම් එක්වෙයි

ඔක් 25, 2018

    වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය පල කරමින් කොටගල නගරයේ වෙලදසැල්වල කළු කොඩි ඔසවා අද (25) වසා දමා තිබේ.

    කොටගල වෙළදසංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

    හැටන් කොටගල අවට තේ වතු වල වතු කම්කරුවන් සහ කොටගල නගරයේ වෙළදසැල් වල රැකියා කරන සේවකයින් සහ කොටගල නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් , වැන් රථ හිමියන් ද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්ව සිටියි. කොටගල නගරයේ විරෝධතාවට සමගාමිව හැටන් නොර්වුඩ් නගරයේද උද්ඝෝෂණයක් පැවැත්වා ඇති අතර නොර්වුඩ් නගරයේද වෙලදසැල් කළු කොඩි ඔසවා වසා තිබේ.

    වතු සමාගම් විසින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැන ගෙවන රු. 530 ක දිනක වැටුප රු. 600 දක්වා වැඩි කල හැකි බවයි. එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර ඇත.

     

    Latest News