'සිනොෆාම්' එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් රැගත් ගුවන් යානයක් අද දිවයිනට

මාර් 31, 2021

    චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් චීනයේ බීජිං නුර සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින් අද පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

    මෙම එන්නත් මාත්‍රා තොගය චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන්නේ ප්‍රදානයක් ලෙසයි. එම එන්නත් තොගය රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරු 11.00ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.

    චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වන එම එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාර ගැනීමට නියමිතයි.

    මෙම එන්නත් මාත්‍රා පළමුවෙන් මෙරට වෙසෙන චීන වැසියන් වෙත ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා, වසංගත හා 'කොවිඩ් 19' රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ.

    සිනොෆාම් එන්නත ද මාත්‍රා දෙකක් ලබාගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

    Latest News