දැනට පවතින උෂ්ණත්වය ඉදිරි දිනවලත්....

අප්‍රේ 03, 2021

    දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින උෂ්ණත්වය ඉදිරි දිනවලද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අන්තර් මෝසම් සමය තුළ, මෙවැනි උණුසුම් තත්වයක් පැවතිය හැකි බවයි. දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙම උණුසුම දැඩිව බලපා තිබේ. සෙසු පළාත්වලට ද උණුසුම් කාලගුණ තත්වය පවතිනු ඇත.

    සූර්යා මේ දිනවල ශ්‍රී ලංකාවට ඉහළින් පිහිටීම, ජල වාෂ්ප වායු ගෝලයට එකතුවීම සහ සුළඟේ වේගය අඩුවීම උණුසුම ඉහළයාමට බලපාන කරුණු අතර වේ. විශේෂයෙන් තෙල්වත්ත, බද්දේගම, දෙදියවල, අඟුණකොළපැලැස්ස සහ උඩමලල යන ප්‍රදේශවලට සූර්යා මුදුන්ව පවතී.

    උණුසුම් තත්වය හේතුවෙන් විජලනය වැනි රෝගාබාධ ඇතිවිය හැක. ඉන් ආරක්‍ෂාවීමට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි පමණ සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම සහ අධික වෙහෙසකාරී ක්‍රියා සීමා කළ යුතුය.

    මේ දිනවල සුදු හෝ ලා පැහැති ඇඳුම් වඩාත් යෝග්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Latest News