පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන් වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු 27 ක්

අප්‍රේ 06, 2021

    පාස්කු ඉරුදින ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදු වූ ශාරීරික හා මානසික හානිය වෙනුවෙන් වන්දි කර දෙන ලෙස ඉල්ලා එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් හා තුවාල ලැබූවන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ මේ වන විට නඩු 27 තිබෙනවා.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පැමිණිලිකරුවන් කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ආරක්ෂක බලධාරීන් වෙත කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබූ බවයි.

    එහෙත් සිය රාජකාරී නිසි ලෙස ඉටු කිරීමට වගඋත්තරකරුවන් පැහැර හැරීම හේතුවෙන් මෙම ත්‍රස්ත ප්‍රහාරය හටගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සිය ඥාතීන් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බව ද පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස තමන්ට සිදු වූ මානසික හා ශාරීරික හානි වෙනුවෙන් වග උත්තරකරුවන් ගෙන් වන්දි අයකර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැමිණිලිකරුවන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩු 27 ගොනු කර තිබෙනවා.

    Latest News