අද (06) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
නවුෆර් මව්ලවි නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව ද පැවසු අමාත්‍යවරයා, 2014 දී එම පුද්ගලයා විසින් IS මතවාදය ගෙන ආ බවත් කියා සිටියේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 දී බවත් ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, දැනටමත් පුද්ගලයින් 32කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද කියා සිටියේය.
මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.