“සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙය ක්‍රියාත්මකයි. මේ යටතේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ ක්‍රමෝපාය වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේය.
දේශීය ආදායම් පනත හා එකතු කළ අගය මත බදු සංශෝධනයට අදාළ බදු පනත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. ඒ ගැන හා 2020/2021 අයවැයෙන් හඳුන්වාදෙන ලද බදු යෝජනා සම්බන්ධව අදාළ පාර්ශව දැනුවත් කිරීම සම්මන්ත්‍රණයේ අරමුණයි. රජයට විශාල වශයෙන් බදු ගෙවන ව්‍යාපාරිකයන් 200කට අධික පිරිසක් කොළඹ අද පැවති සම්මන්ත්‍රණයට එක්වූහ. ඒ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට වසර 89 පිරීම ද සම්මන්ත්‍රණය සංවිධාන කිරීමට තවත් හේතුවක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩබ්.සී. බණ්ඩාර යන මහත්වරු සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද මීට එක්වූහ.