ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය හෘ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනධිපති කාර්ය සාධක, බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම මත එම බලකාය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවයි.
තවද, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම දිමනාව ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.