විදේශිකයන් පැමිණිම කළමනාකරණයට පියවර....

අප්‍රේ 17, 2021

    මෙරටට විදේශිකයන් පැමිණිම කළමනාකරණය කිරීමට සිදුවන බව, වසංගත රෝග විද්‍යාංශය පවසයි.

    ඒ, ඔවුන් අතරින් වාර්තා වන කොවිඩ්-19 රෝගීන් ඉහළ යාම හේතුවෙන්. මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 52,710 දෙනාගෙන් 1,593 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් අතරින් කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම ඉහළයෑම හේතුවෙන් ඉදිරියේදී විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

    Latest News