ප්‍රදේශ රැසකට ප.ව 2.00න් පසු වැසි

අප්‍රේ 21, 2021

    සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ප්‍රදේශ කිහිපයකට මි.මී 50 ඉක්මවු වැසි ඇති විය හැකියි.

    බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං ඇති විය හැකිය.

    Latest News