බත්තරමුල්ලට නුඳුරේදීම සඳුන් උයනක්

අප්‍රේ 21, 2021

    ශ්‍රී ලංකාවේ පළමු 'සඳුන් උයන' බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසළ අක්කර 9ක භූමියක ඉදිකෙරෙන අතර එය නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි.

    එය සඳුන් ගස් දහසකින් සමන්විතයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ජාතික සදුන් උයනේ ඉදිකිරීමේ කටයුතු සිදුකෙරේ.

    මෙහි ඉදිකිරීම්වලින් සියයට 98ක් මේ වන විට අවසන්ව ඇති අතර මෙම මස අග වනවිට ඉදිකිරීම් කටයුතු නිමකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    සඳුන් ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාකයක් ලෙස සැලකේ.

    Latest News