පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

අප්‍රේ 23, 2021

    පළාත් කිහිපයකට අද දිනයේ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී ද වැසි ඇති වේ.

    ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News