පාර්ලිමේන්තුවේ පසුගිය දා ඇති වූ සිදුවීම පිළිබඳව සොයා බැලීමට කමිටුවක්

අප්‍රේ 23, 2021

    පසුගිය අප්‍රේල් මස 21 දින පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා ඒ සඳහා ගත යුතු පියවර සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

    මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතායි. චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, යන කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ඉම්ටියාස් බාකීර් මාකාර්, රංජිත් මද්දුම බණ්ඩාර, එම් .ඒ සුමන්තිරන් යන මැති, ඇමැතිවරුමෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

    ඉදිරියේ දී එවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරෙන වගකීමකි.

    Latest News