අතුරුදන් දැරියගේ මවගෙන් ප්‍රශ්න කිරිමට නියෝගයක්

පෙබ 04, 2019

    පුත්තලම, සාලියවැව, සෙනුරි තිෂාරා නමැති සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ මව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලිසියට අද අවසර ලබාදී තිබේ.

    සිව් හැවිරිදි දැරිය ඝාතනය කර කලාඔයට විසි කළ බවට ඇය විසින් කරනු ලැබූ පාපොච්චාරණයෙන් පසු ඊයේ පස්වරුවේ දී පොලිසිය ඇය අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව අද පස්වරුවේ දී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඇය ඉදිරිපත් කෙරුණු අතර, එහිදී මෙම නියෝගය නිකුත් කළේය.

    අතුරුදන්වූ සෙනුරි තිෂාරා දැරිය සෙවීමේ මෙහෙයුම් පස්වැනි දිනටත් අද පැවැත්වූ බව පොලිසිය පවසයි. මෙම මෙහෙයුමේ දී කලාඔයේ ඕලු මඩු ප්‍රදේශයේ දැරියව විසි කළ බවට පැවසෙන ස්ථානයේ සිට කිලෝ මීටර් 12ක් දුරක් කලාඔයේ පිරික්සුම් කර තිබේ.

    ඊට පොලිස් කිමිඳුම්කරුවන් සහ පොලිස් ජිවිතාරක්‍ෂක නිලධාරීන් 20ක් පමණ යොදවා ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිව විමර්ශන සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. එහෙත් කිසිදු හෝඩුවාවක් හමු නොවූ බව ඔහු කියා සිටී. සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    සාලියවැව - නීලබැම්ම ඕලුමඩුවේ පදිංචිව ඩබ්ලිව්. ජී. තෙනුරි තිසාරා දැරිය ඉකුත් 30 දින උදෑසන සිය මව සමග නිවසේ සිටිය දී අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන හා දැරිය සෙව්මේ මෙහෙයුම් ආරම්භ කෙරිණ.

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 18:14

    Latest News