ජාතික දින වෙරළ සුද්ද කළ පරිසර හිතකාමීන් (විඩියෝ)

පෙබ 04, 2019

    ජාතික දිනයට සමගාමීව පරිසර සංරක්‍ෂණ වැඩසටහනක් ගල්කිස්ස මුහුදු තීරයේ දී අද පැවැත්විණ.

    එය සංවිධාන කළේ දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව සහ ගෝ ශ්‍රී ලංකා සංවිධානයයි. මුහුදු වෙරළ පිරිසිදු කිරීම, නොදිරන කසළ කිමිදුම්කරුවන් යොදා ඉවත් කිරීම මෙහිදී සිදු කෙරිණ.

    Bech px 900 04 02 19

     

    වෙරළට පැමිණෙන පිරිසගේ නිර්මාණාත්මක තරග කිහිපයක් ද පැවැත්විණ. මුහුදු වැලි උපයෝගි කරගෙන ජාතික ධජය නිර්මාණය කිරීමේ ත්‍රිමාන නිර්මාණ තරගයෙන් ජයගත් තරගකරුවන්ට මෙහිදී ත්‍යාග පිරිනැමිණ. එම නිර්මාණය ඉදිරිපත් කළේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් විසින්.

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 20:07

    Latest News