යුදහමුදා විරුවන්ගේ දේහයන් කොළඹට (ඡායාරූප)

පෙබ 04, 2019

    මාලි රාජ්‍යයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවි පිදූ මේජර් දිනේෂ් ජයවික්‍රම සහ සැරයන් සමන් විජේකුමාර යන මහත්වරුන්ගේ දේහ අද ශ්‍රී ලංකාවට රැගෙන එන ලදි. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඒ සමඟ ශ්‍රී ලංකාවට පැමිණියේය.

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය, මියගිය නිලධාරියාගේ සහ සැරයන්වරයාගේ දේහ බාරගැනීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධජයෙන් ආවරණය කරන ලද දේහ නිල වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එහිදී බාරගනු ලැබීය. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අණදෙන නිලධාරී ලුතිතන් ජනරාල් ඩෙනිස් ගිලිස්පොරේ විසින් එම ධජ සංකේතාත්මකව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා වෙත බාරදුන්නේය. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටියදී මේ නිලධාරීන් හා සෙබළුන් රැගත් ඩබ්ලිව් එම් ඉසඩ් වර්ගයේ සන්නද්ධ රථය ඉලක්ක කර අධිබලැති පිපිරීමක් සිදුවූයේ ඉකුත් ජනවාරි 25 වැනිදා. එහිදී මේජර් දිනේෂ් ජයවික්‍රම සහ සැරයන් සමන් විජේකුමාර යන නිලධාරීන් ජිවිතක්‍ෂයට පත්වූ අතර තවත් තිදෙනෙක් තුවාල ලැබීය.

    දිවිපිදූ රණවිරු දෙපළගේ අවමංගල්‍යය ලබන 07 වැනිදා ඔවුන් පදිංචි පොළොන්නරුව, පුලස්තිගම හා පොල්පිතිගම ප්‍රදේශවලදී සිදු කෙරේ.

    මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අණදෙන නිලධාරී “පළමුවෙන් මගේ සාතිශය සංවේගය පළ කරන්න කැමතියි ශ්‍රී ලංකාවාසීන්ටත්, මියගිය නිලධාරීන්ගේ පවුල්වලටත්. ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ඉතා අසීරු හා වැදගත් කාර්යභාරයක් සිදු කරනවා මාලි රාජ්‍යයේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත්, සාමය හා ඔවුන්ගේ ජිවිත තත්වය ගොඩනැගීමටත්. ශ්‍රී ලංකා හමුදාවන්, ඉහළ විශ්වාසනීයත්වයකින් කණ්ඩායම් හැගීම් සහිත වෘත්තීය හමුදාවක් ලෙස හඳුන්වන්න පුලුවන්. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රධානියා ලෙස ආඩම්බරයෙන් කියන්නේ මේ ශ්‍රී ලංකා හමුදාවන්ට එල්ල වූ බියගුලු ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අපි තවත් ශක්තිමත් වනවා. ඔබගේ මියගිය සෙබළුන් වෙනුවෙන් අප තවදුරටත් සටන් කරමින් මාලි රාජ්‍යයේ ජනතාවට සාමය දිනාදීමට ක්‍රියා කරනවා.

    malisoldiers1 px 900 19 02

    malisoldiers2 px 900 19 02

    malisoldiers3 px 900 19 02

     

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 20:38

    Latest News