ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය වාර්තාව ජනපතිට (විඩියෝ)

පෙබ 04, 2019

    ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන් අදහස් සාරාංශ කොට සකස් කරන ලද අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (04) පස්වරුවේ කොළඹ 07 විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දී සිදු විය.

    වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    Padeniya px 900 04 02 19

    “නෛතික නිදහසින් වසර 71කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා” යන තේමාව යටතේ සංවිධානය කෙරුණු ප්‍රදර්ශනය නැරඹීමට ද අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 20:09

    Latest News