ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය බවට අනාවරණයක් (වීඩියෝ)

අප්‍රේ 28, 2021
  • කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    ඔහු පවසන්නේ, අදාළ ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල අනුව ඒ බව හඳුනාගෙන ඇති බවයි. 

    එම ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත්, මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 13:10

    Latest News