වරාය නගර පනත් කෙටුම්පත ලබන 5 පාර්ලිමේන්තුවේ දී විවාදයට

අප්‍රේ 30, 2021

    කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 5 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

    එම තීරණයට එළඹ ඇත්තේ, අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී. කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ. පාර්ශ්ව කිහිපයක් පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කිරීමත් සමඟ එය විවාදයට ගැනීම කල් දැමීමට සිදුවිය.

    ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් පිළිබඳ දීර්ඝ විභාගයකින් අනතුරුව සිය මතය කතානායකවරයා වෙත මේ වනවිට‍ දැනුම් දී ඇති බව වාර්තාවේ. ලබන 5 වැනිදා උදේ 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතයි.

    Latest News