පොලිතීන් තහනම කඩ කළ සමාගම් දෙකකට නීතිමය පියවර

මැයි 04, 2021

    පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් මාර්තු මස 31 දින සිට ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබුණා.

    එහෙත් මෙම තහනම නොතකා හරිමින් සමාගම් දෙකක් ගැසට් පත්‍රය උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන අතර ඒම සමාගම් දෙකකට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නැයි පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

    ගැසට් පත්‍රය මගින් ග්‍රෑම් 20ට අඩු සැෂේ පැකට් නිෂ්පාදනය කිරීම තහනම් කර තිබුණද, එක් සමාගමක් පොලිතීන් හා ප්ලාස්ටික් යොදා ගනිමින් ග්‍රෑම් 24 සැෂේ පැකට් වශයෙන් තවදුරටත් නිපදවා තිබෙනවා.

    තවත් සමාගමක් තහනම් නියෝග නොතකා තවදුරටත් අදාල නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    මෙම කරුණු සැළකිල්ලට ගනිමින් එකී සමාගම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (04) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

    Latest News