ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල ප්‍රදේශයෙන් 101ක්, දොම්පේ 113ක්, පුගොඩ 80ක්, සීදුව 30, දිවුලපිටිය සහ ගම්පහ නගරයෙන් ආසාදිතයින් 27 දෙනා බැගින්, මිගමුව 20, මිනුවන්ගොඩ 15ක් සහ ජා-ඇල ආසාදිතයින් 14ක් වාර්තා වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 531ක් හඳුනා ගැනිණ. ඉන් 149 දෙනෙක් කැස්බෑව ප්‍රදේශයෙන්, කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් ආසාදිතයින් 85ක්, පිළියන්දල 59ක්, මොරටුව සහ පිටකෝට්ටේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 26ක්, මහරගම 14ක්, රණාල 17ක්, කොට්ටාව 18ක්, අතුරුගිරිය සහ බොරලැස්ගමුව ආසාදිතයින් 13 දදෙනා බැගින් වාර්තා වී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 දෙනෙකු වාර්තා විය. ඉන් මිල්ලනිය, පානදුර දකුණ සහ බේරුවල ආසාදිතයින් 20 දෙනා බැගින්, මතුගම 18ක් සහ ඉංගිරිය 18ක් වාර්තා වී තිබේ.
ගාල්ල ආසාදිතයින් 112ක්, කුරුණෑගල ආසාදිතයින් 22ක්, මාතර 12ක්, කෑගල්ල 23ක්, බදුල්ල 30ක්, අම්පාර 06ක්, අනුරාධපුර 25ක්, ත්‍රිකුණාමලය 18ක්, වව්නියාව 10ක්, නුවරඑළිය 46ක්, මහනුවර 85ක්, රතන්පුර 22ක්, පුත්තලම 15ක් වාර්තා වී ඇත.
එමෙන්ම, යාපනය 38, මාතලේ 74, පොළොන්නරුව 39, හම්බන්තොට 69, කිලිනොච්චි 11ක්, මඩකලපුව 10, මුලතිව් 01ක්, මන්නාරම 03ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි, කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.