ගම්පහ ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඔක් 22, 2024
    ගම්පහ සම්ප්රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

    චර්චිල් ජලාශයේ සම්ප්රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (22) දහවල් 12.00 දක්වා මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බවයි, ඔවුන් දැනුම් දෙන්නේ.

    ඒ අනුව වත්තල, මාබෝල, ජාඇළ, කටුනායක, සීදුව යන නගර සභා බලප්රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ, කටාන, මිනුවන්ගොඩ, යන ප්රාදේශීය සභා බලප්රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
     
    අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවට, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.
     

    Latest News