සීදුව රෝහලේ ඉදිකිරීම් යුද හමුදාපතිගේ නිරීක්‍ෂණයට....

මැයි 08, 2021

    කොවිඩ්-19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා සීදූව ප්‍රදේශයේ Brandix Green Plant ආයතනයේ, යුද්ධ හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ඉදිකරනු ලබන සියලුම සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතී.

    මෙම රෝහල නවීනතම සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත වන අතර, වෙනත් සායන කටයුතු වෙනුවෙන් ද භාවිතා කල හැකි වීම විශේෂත්වයකි. මෙම රෝහල ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පැය 24 පුරා කඩිනමින් නිම වෙමින් පවතී.

    අද දින(08) මෙම රෝහලේ සියලු ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථාන ප්‍රධානී , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු නිලධාරින් පිරිසක් එක්වූහ.

    Latest News